Sunday, March 31, 2024

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

 


අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වීම මෙන්ම වෘත්තිමය කටයුතුවලදී එම මිනිස්සුන්ට සේවය කිරීමට උත්සුක වන්නේ නම් ඔබටද සතුටින් සිටින පුද්ගලයකු බවට පත්විය හැකිය.අප සමාජයේ ජීවත් වීමේදී විවිධ පුද්ගලයන් හමුවේ.


එනම් සමාජයේ විවිධ අවස්තාවලදී අපට හමුවන පුද්ගලයන් අපගේ යහලුවන්,යෙහෙළියන්,නැති නම් ප්‍රේමවතයා හෝ ප්‍රේමවන්තිය වන අවස්තාද පවතී.අපගේ ජීවිතයේ යහලුවන් බොහොමයක් සිටී.මට හොඳම යහලුවෙක් සිටීද යන්න කෙනෙක් ඇසුවොත් මම එක හෙලාම පවසන්නේ "ඔව් මට හොඳම යහලුවෙක් සිටී යන්නයි".ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබට හොඳම යහලුවෙක් සිටී නම් ඔබත් ඔහු ගැන පවසයි.එනම් යහලු,යෙහෙළියන් බොහොමයක් අතරින් හොඳම යහලුවා වන්නේ තමාගේ දුකකදී,ප්‍රශ්නයකදී,වේදනාකාරී තත්වයකදී තේරුම් ගන්නා ආකාරය,සැපේදී වගේම දුකේදීත් ඔබ සමග ඉන්නා,ඔබව තනි නොකරන කෙනා වේ.එනම් ඔබ ගැන ඔබටත් වඩා හොඳින් ද්න්නා ඔබව හොඳින් තේරුම් ගැනීමට මේ අයට හැකියාව තිබේ.


බොහෝ යහලුවන් ඔබගේ සතුටේදී ලඟ සිටියද ඔබගේ  දුකකදී ඔවුන් ඔබගෙන් ඈත්     වී යන අය ඕනෑ තරම් සිටී.එනම් එවැනි යහලුවන් සිටින්නේ ඔවුන්ගේ වාසියට පමණක් බව මනාව තේරුම් ගත හැකිය.ජීවිතයේ විවිධ අවස්තාවලදී කොතරම් යහලුවන් හමු වුවද එම යහලුවන් ඔබගේ හොඳම යහලුවා තරම් ඔබව තේරුම් ගැනීමට අපොහොසත් වන අවස්තා බොහෝ ඇත.දීර්ඝ කාලයක් යහලුවන් ඇසුරු කිරීමෙන් ඔබ කැමති,අකමැති,සිතන,පතන අකාරය මේ සියල්ල පිලිබඳ ඔවුන් තේරුම් ගනී.


හොඳම යහලුවන් වී සිටි දෙදෙනකු පසු කාලෙක පෙම්වතුන් දෙදෙනකු බවට පත් වී තිබෙන අවස්තාද අප ඕනෑ තරම් දැක තිබේ.එනම් හොඳම යහලුවන් ලෙස ජීවත්වීමේදී දෙදෙනාගේ තේරුම් ගැනීම,අවබෝධය,කැමත්ත,අකමැත්ත මත එය හොඳම යහලුකමකට එහා ගිය ප්‍රේම සබඳතාවයක් බවට පත්වීම අරුමයක් නොවේ.එවැනි ලෙස ඇතිවන්නා වූ ප්‍රේම සබඳතා අසාර්ථක වන අවස්තා බොහෝ අඩුය. එනම් ඕනෑම පුද්ගලයකුට හොඳම යහලුවෙක් සිටිය යුතු වේ.මන්ද තමාගේ ප්‍රශ්න,ගැටලු,දුක,වේදනාව මේ සියල්ල බෙදා ගනු ලබන්නේද හොඳම යහලුවා සමගය.සමහර ගැටලු,ප්‍රශ්න වෙනත් කෙනෙකුට පැවසීමට තරම් විස්වාස කල හැකි පුද්ගලයන් වර්තමාන සමාජයේ අඩු නිසාවෙනි.එම නිසා බොහෝ දෙනා විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ කායිකව සහ මානසිකව බොහෝ දුක් වේදනා විඳිනු ලබන්නේ තමාගේ ගැටලු ප්‍රශ්න පැවසීමට තරම් විස්වාසවන්ත යහලුවෙකු නොමැති නිසාවෙනි.ඔබට තවමත් එවැනි යහලුවන් නොමැති නම් ඔබ සමග සැපේදී මෙන්ම දුකේදී ඔබගේ ප්‍රශ්න ගැටලුවලදී ඔබව තේරුම් ගෙන ඔබ සමග සිටිනා විස්වාසවන්ත කෙනෙකු ඔබගේ හොඳම යහලුවා කරගන්න.එවිට බොහෝ අවස්තාවලදී ප්‍රශ්න ගැටලුවලදී ඔහු ඔබට සහනයක් වේවි.ඔබට නිවරදි දේ කිරීමට ජීවිතය සාර්ථක කර ගැනීමට එය මහත් උපකාරයක් විය හැකිය.

Tuesday, March 26, 2024

ජීවිතය ජය ගන්න..

 


තරුණ කාලය හරිම සුන්දර වේ.ඒ වගේ කාලයක් ජීවිතේකට නැවත එන්නේ නැත.එම නිසා අපි සිතිය යුත්තේ අපේ තරුණ කාලය ආරම්භයේ සිට ජීවිතය ජය ගන්න නිවරදි මාවත් සොයා ඒ මාර්ගවලට අවතීර්ණ වී නිවරදි මාවතේ ගමනක් යන ආකාරයි.තරුණයින්ගේ මානසිකත්වය කවුරුත් තේරුම් ගන්නේ නැතයි සිතා අසහනයට පත්විය යුතු නොවේ.එනම් වැඩිහිටි  සියලු දෙනා මෙම තාරුණ්‍ය අත්විඳි පුද්ගලයන් නිසා ඔවුන්ට මෙය හොඳින් වැටහේවි.


එම නිසා අප සිතිය යුත්තේ ජීවිතයේ ඉලක්ක සහ අරමුණු පිලිබඳවය.නිතරම අපට යන්න තිබෙන ඉලක්ක,අරමුණු මොනවාදැයි සිහියෙ තබා ගත යුතුය.එවිට අප යා යුතු නිවරදි මාර්ගය පිලිබඳ අවබෝධයක් ඇති වේ.ඔබගේ තරුණ වියට ගැලපෙන ඉලක්ක අරමුණු ඔබ ගොඩනගා ගත යුතු වේ.එනම් ඒ පිලිබඳ සිතා බැලිය යුතුය.එසේ නොවුණහොත් සිදු වන්නේ තමාගේ තරුණ ජීවිතය නිකරුනේ විනාශ කර ගැනීමටය.මෙම සමාජය තුල ජීවත් විය යුතු ආකාරය  පිලිබඳ අවබෝධයක් මෙන්ම ඒ දේවල් පිලිබඳ හොඳින් තේරුම් ගැනීමද ඉතා වැදගත් වේ.


මේ කාලයේදී ජීවිතවල කටුක බව ප්‍රබලව දැනේ.එම නිසා අපගේ ජීවිතය දෛවයේ සරදමක් නොකරගන්න සිතිය යුතු වේ.අපගේ වටිනා ජීවිතය අප විසින්ම කෙලෙස ගත යුතු නැත.තමන්ට කිසි දෙයක් කර ගැනීමට නොහැකි කාලයක් උදාවුන දවසට මේ සරදමේ වේදනාත්මක බව වැදූ මවටත්,රටටත්,ඔබටත් ණයකාරයකු ලෙස මිය යෑමට සිදු වේ.


අප අපේ චරිතයට විශේෂ දේවල් එකතු කරගත යුතු වේ.එම විශේෂතා ලබා ගත යුත්තේ ගෞරවාන්විතය.නැති නම් කුඩුකාරයා,ගංජකාරයා,හොරා වැනි විශේෂ නාමයන් මෙම තරුණ ජීවිතවලට එකතු කරගත යුතු නැත.මනුසත් බව රැකගෙන,දෙමව්පියන්ට,රටට,තමන්ට, ආඩම්බරයක් ඇතිවන ආකාරයට ජීවත් වීමට පුරුදු විය යුතුය.කලකිරීමක් නොවන ජීවිතයක් ඔබ ගොඩනැගිය යුතුය.


ජීවිතයේ අපට කවුරුත් අතින් අල්ලන් ගිහින් වරද්දන්නේ නැත.තමන් විසින් තමයි මේ සියල්ල සිද්ද කරගනුලබන්නේ,එම නිසා මෙය හොඳින් වටහාගෙන ජීවත් විය යුතුය.ජීවිතය ජය ගැනිමට නම් නිවරදි දේ නිවරදිව ඉටු කරන්නත් තරුණ අප දැන ගෙන සිටිය යුතුය.

හුදකලාව ජීවත් විය හැකිද?

 


එක් මිනිසෙකුට සාපේක්ෂව තවත් මිනිසෙකු වෙනස්‍ ය. අප හුදකලා මිනිසුන් වන්නේ නැත.මේ සමාජය තුල ජීවත් වීමේදී එකිනෙකා තේරුම් ගනිමින් අප ජීවත් විය යුතුය.වර්තමාන තරුණයන් දෙස බැලීමේදී බොහෝවිට ඔවුන් එකතු වන්නේ අදහස් මතිමතාන්තර සමාන තැනත්තන් සමගය.එලෙස නොගැලපෙන අදහස්,මතිමතාන්තර ඇති පුද්ගලයන් සමග ඔවුන් එකතු වී වැඩ කරන්නේ නැත.මිනිසුන් තුල පවත්නා මෙම විවිධත්වයන් තේරුම් ගත යුතුය.


නිදසුනක් ලෙස ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නේද මෙම තත්වයන් නිසාවෙනි.එවැනි අවස්ථා ඕනෑ තරම් මේ සමාජය තුල දැකිය හැකිය.එනම් පෙම්වතා සහ පෙම්වතිය දෙදෙනා පිලිබඳව නිවරදි තේරුම් ගැනීමක් අවබෝධයක් නොමැතිවීම නිසා විවිධ ගැටලු ඇති වී ප්‍රේම  සබඳතවය බිඳ වැටීමද සිදු වේ.එහිදී පුද්ගලයන් හුදකලා වීම,කලකිරීමට පත්වීම වැනි මානසික තත්වයන්ටද පත්වන අවස්තා පවතී.


ඔබට ජීවිතයේ  සාර්තකත්වයට මුලින්ම අවශ්‍යය වන්නේ මනුෂ්‍යත්වයේ භාෂාව හඳුනා ගැනීමයි.ඒ තුලින් එකිනෙකා අතර මනා සබඳතා ගොඩනගාගත හැකිය.තරුණයන් සමාජය තුල විවිධාකාර කටයුතු සිදු කරයි.ඔවුන්ගේ සමාජ සම්බන්ධතාව කෙබඳුද යන්න මදක් සිතිය යුතුය.තනිව සියලු කටයුතු කරන්නට උත්සහ දරණ තරුණයන් සමාජය තුල දැකිය හැකිය.එහෙත් සියලු කාරනා තනිව සිදු කල නොහැකිය.මේ සමාජය තුල ගතිගුණ හොඳය,ආශ්‍රය කරන    මිනිසුන්ද ගුණ යහපත් වේ.සමාන අදහස් මතිමතාන්තර ඇති මිනිසුන් එකට එක්වන අතර  ඔවුන්ට සමාන සිතුම් පැතුම්ද පවතී.


අතීතයේ ආධ්‍යාත්මය උතුම් කොට සලකන ලදී.එදා ගුණ ධර්මවලට විශාල තැනක් හිමි විය.එහෙත් වර්තමානය වන විට එය පිරිහෙමින් පවතී.වර්තමානයේ පවතින අවකාශය තුල තරඟකාරිත්වය වැඩිය.ඒ තුල එකිනෙකා පරයා යන්නට උත්සාහ කරනවා මිස ස්වභාව සෞන්දර්ය ගැන සිතන්නේ නැත.එම හඹායෑම තුල ශේෂ වන්නා වූ එකම දෙය වන්නේ අතෘප්තිය පමණි.ඔබ්ටද සමාජ වගකීමක් ඇත.හුදකලා පුද්ගලයකුට කල නොහැකි බොහෝ දේ පුද්ගල කණ්ඩායමකට කළ හැකිය.එනම් එකිනෙකා අතර මනා අවබෝධයක් තිබිය යුතුය.එනම් ඔබ ඔබව තේරුම් ගෙන ඉන් පසු ඔබ වටා ඉන්නා පුද්ගලයන් තේරුම් ගැනීමට උත්සහ කරන්න.නිවරදි තේරුම් ගැනීමක් නොමැති වුවහොත් ඔවුන්ට අනෙකා සමග සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි වේ.එනම් පුද්ගලයකුට තවත් පුද්ගලයකු තේරුම් ගැනීමට හැකිවිය යුතුමය.

Friday, March 22, 2024

නිවරදි තෝරා ගැනීම ජීවිතයට කෙතරම් වැදගත්ද?

 

තෝරා ගැනීම ඔබේ ජීවිතයට කෙතරම් අදාල 
 දැයි මම ඇසුවොත් "එය මට අදාළ දෙයක් නොවේ" යැයි ප්‍රකාශ කරමින් එය මග හැර යාම ඔබට කළ නොහැක්කකි.මන්ද එදිනෙදා ජීවිතය ගත කිරීමේදී අල්පෙනිත්තක් පවා අපට තෝරා ගැනීමට සිදු වන නිසාය.අතීතය දෙස නැවත හැරී බැලුවොත් මේ දක්වා තෝරාගත් තේරීම් නිවරදිද? එසේ නැතිනම් වැරදිද? සිතේ කොතනක හෝ තෝරාගත් දෙයක් වෙනුවෙන් පසු තැවීමක් ඇත්නම් කොතනක හරි ඔබේ තෝරා ගැනීමේ ගැටලුවක් තිබේ.


අපට සමහර අවස්තාවල තෝරා ගැනීමට සිදු වන්නේ හොඳම දෙය නොවේ, නරක දේවල්වලින් හොඳම දෙයය. එසේ සිතා අප ගන්නා තීරණ  පසුව අපට දැනෙන්නේ කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා වගේ දෙයකි.හොඳ නරක,අවශ්‍ය අනවශ්‍ය දේ යහපත් අයහපත් දේ තේරුම් බේරුම් කර ගැනීම ගැටලුවක් වී තිබේ.අප තෝරා ගන්නා තේරීමකට සාපේක්ෂව පරිණත අත්දැකීම් ඇති පුද්ගලයකු තෝරා ගන්නා  තේරීම් වඩා නිවරදි වේ. බොහෝවිට සිදු වන්නේ පෙනුමට,හැඩයට මතුපිටින් තීරණ ගැනීමය.එම නිසාම ඒ තෝරාගැනීම්  වඩා නිවරදි තෝරා ගැනීමක් වේවිද?


විවාහයද දික්කසාදයෙන්  කෙලවර වන්නේ  මෙම තෝරා ගැනීමේ ගැටලුව නිසා නොවේද? ජීවිතයේ තීරණාත්මක අවස්ථාවල  අපට තෝරා ගැනීම් සිදු කළ යුතුය.එවිට එය නිවරදි නොහුණහොත් අනාගතයේ බොහෝ දේවල්  නිවරදි විය නොහැක.එවිට ඔහුට හෝ ඇයට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙයි. අපගේ සිතුවිලි දුප්පත් නම් අප නිරන්තර කනස්සල්ලෙන් සිටී. අප නිරන්තර කතා බහ කරන්නේද එලෙස පසුතැවිලි වන පුද්ගලයන් පිලිබඳවය.විටෙක ඒ සියල්ල ඔවුහු කර්මයට බාර කරයි.එහෙත් කර්මය වෙනස් කළ හැක්කේද ඔබටමය.


අප ලද ජීවිතය කෙටිය.එහෙත් ඒ කෙටි කාල සීමාවේ කෙලසක ජීවත් වන්නේද යන්න ඔබ සිතිය යුතුය.එසේ නම් එම කාලය තුළදී ඔබ කල යුත්තේ,නොකල යුත්තේ කුමක්ද? එම කෙටි කාලය සැලසුම් කර ගන්නේ කෙසේද යන්න ඔබ සිතිය යුතුමය.ඔබ ආ ගමන්මග දෙස නැවත හැරී බලන්න.වැරදිවලට දඬුවම් විඳි ආකාරය,වැටි වැටි නැගිටපු ආකාරය, අඩු පාඩු හදාගත් ආකාරය මේ සියල්ල සිතා බැලිය යුතුය.මෑතකදී ඔබ අතින් සිදු වූ වරද කුමක්ද?මේ මොහොතේ ඔබ එයට පසුතැවිලි වනවාද? මේ සියල්ල සිදු වන්නේ ඔබගේ තෝරා ගැනීම මතය.


එනම් ඔබ ශක්තිමත් විය යුතුය.එම ශක්තියට අතීත කඩතොලු වසා ගැනීමට හැකියාව පවතී.මොහොතක් සිතන්න ඒ අතීතය තුළ ඔබට ඔබම හමුවේවිද?අනාගතය තුළ ඔබ අතීතයේ සිටි ඔබමද? එනම් අතීතයේදී ඔබ තෝරා ගත් දේ නිවරදි තෝරා ගැනීමක් නොවේ නම් ඔබ වර්තමානයේ පසුතැවීමකින් ජීවත් වේ.එනම් එම වැරදි තෝරාගැනීම් තමාගේ ජීවිතයෙන් බැහැර කර වර්තමානයේ දී නිවරදි තෝරාගැනීම් සිදු කර අනාගතය සාර්ථක කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුය.

Wednesday, March 20, 2024

ජීවිතය වින්ඳනය කිරීමට නම්...

 

ජීවිතය පිලිබඳ ඔබට ඇත්තේ කෙබඳු අදහසක්ද?එකිනෙකාට සාපේක්ෂව විවිධ අර්ථකථන පවතී.වයසෙන් දැනුමෙන් වැඩෙත්ම ඒ අර්ථකථනද වෙනස් වේ.ජීවිතය ගැන බොහෝ දෙනා සිතන්නේ අවාසනාවන්ත ලෙසය.දුකකින් පසු තැවීමකින් ජීවිතය දෙස බලන්නට බොහෝ දෙනක් යොමු වේ.  එසේ වුවද ජීවිතය එසේ නොවේ.එනම් ජීවිතයේ විවිධ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ. විවිධ බාධකවලට මුහුණ දෙමින් ඒවා මැඩ පවත්වා ගැනීමටද සිදු වේ.මනුසත් භාවයට පමණක් නොව තිරිසන් ආත්මයක උපත ලැබූවන්ටද බාධකවලට මුහුණ දීමට සිදු වේ.


එමෙන්ම ගැටලුවලටද මුහුණ දීමට අපට සිදුවෙයිගැටලු යනු ප්‍රශ්න නොවේ.ගැටලු සහ ප්‍රශ්න එකක් නොවේ දෙකකි.ප්‍රශ්න් වලට පිළිතුරු  ඇත.ගැටලු යනු අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර සිදිවීම්වලට විසඳුම් සොයා ගැනීමයි.මෙම විසඳුම් සෙවිය හැකි වන්නේ ඔබටමයි.ගැටලු නොමැති මනුෂ්‍යයකු සොයා ගැනීම අපහසුය.මේවාට මුහුණ දීමට වයස,තත්වය යනාදිය බලපාන්නේ නැත.අභියෝගද ජීවිතයට පැමිණෙයි.ඒවාට මුහුණ දීමට අපට හැකි විය යුතුය.අභියෝග තිබෙන තරමට ජීවිතය ජය ගත හැකිය.


කනස්සල්ල බිය අපේ ජීවිතවල නිරන්තර පවතී මනස නිදහස් මරණයක් අපි අපේක්ෂා කරයි.එය පොදු ධර්මතාවයි.මෙයද අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දීමට සාර්තකත්වය කර ළඟා වීමට උත්සාහ කල යුතුය.කනස්සල්ල බිය අප හැම විටම යටපත් කරයි.අප බලාපොරොත්තු වන දේ,ඉලක්ක,අරමුණු වෙත අපට යාමට හැකියාව තිබේද යන බිය ඇති වෙයි.බලාපොරොත්තු බිඳ වැටීම තුළින් පුද්ගලයන් මානසිකවද කඩා වැටේ.එම නිසාම සිත පාලනය කරගැනීමටද අපිට හැකියාව තිබීම වැදගත් වේ. 


සිත එක අරමුණක ත්බාගෙන ක්‍රියා කිරීමට හැකි වීම තුළින් ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට පහසු වන අතර අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය කටයුතු කිරීමට උත්සහ කළ යුතු වේ.සිත පාලනය කරගත නොහැකි නම් ඉදිරිය ගැන සිතීමට අපහසු වේ.එමෙන්ම කායික සහ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතා වැදගත් වන අතර එසේ නොමැති වුවහොත් පුද්ගලයා කායික හා මානසිකව රෝගී වේ.ඔබ ඔබ ගැන සිතා වැඩ කළ යුතුය.ජීවිතය මෙයයි එය මනාව අවබෝධ කරගත යුතු වේ. එවිට ජීවිතයට මුහුණ දීමට එතරම් අපහසු නොවේ.

Monday, March 18, 2024

සතුට මිලදී ගත හැකිද?

 


අපි කවුරුත් ජීවිතයට ආදරෙයි.අතීතයේ විඳපු දුක වගේම අතීතයේ විඳි සතුට මතෙකට එනකොට හිතට දැනෙන්නේ ආනන්දනීය හැඟීමකි.ඒ නිසා මම ඔබට කියන්නේ ටිකක් නෙවෙයි ගොඩක් දුර ගිහින් ජීවිතය ගැන හිතන්න කියලා.මන්ද එහෙම ගිහින් ඔබට සාර්ථක විය හැකි යැයි සිතෙන තැනක නවතින්න.


මගහැරුනු අතපසුවුනු බොහෝ දේ ඔබට අතීතාවර්ජනයක් කළහොත් ඒවා සිහියට නැගෙනු ඇත.එය මේ මොහොතේදී ඔබ සිටින තත්වය ඔබේ මට්ටම තීරණය කිරීමටද හේතු විය හැකිය.පවතින සමාජ ක්‍රමයන්ට අනුගත වෙමින් ඔබ ජීවිතයට මුහුණ දීමේදී විවිධ ප්‍රශ්න,ගැටලු,අභියෝග නිතැතින්ම සමීප වෙවි.ඒ සමීප බව ඔබ්ගේ ජීවිතය භෞතිකව හෝ ආධ්‍යාත්මිකව කඩා වැටෙන්නට පුළුවන.


සමාජයේ ජීවත් වීමේදී  බොහෝ අභියෝග,ප්‍රශ්න,ගැටලු අප කරා පැමිණෙයි.එමගින් සිදු වන්නේ ජීවිතයට බලපෑමකි.එම බලපෑම් තුළින් පුද්ගලයාගේ සතුට,මානසික නිදහස,සාර්තකත්වය වැනි සියලු දේ නැති වී යාම සිදු වේ.එවිට පුද්ගලයා මානසිකව මැරුණු පුද්ගලයකු ලෙස අරමුණක් නොමැතිව බලාපොරොත්තුවක් නොමැතිව සතුට අහිමිව මානසික පීඩනයකින් යුතුව ජීවත් වේ.එවිට පුද්ගලයාගේ සාර්තකත්වට එයින් හානි වීම දැක ගැනීමටද හැකිය.ප්‍රේම සබඳතා වැනි දේ තුළින් ඇතිවන ගැටලු ප්‍රශ්න නිසා මානසිකව බොහෝ දුක් වේදනා විඳින  පුද්ගලයන් මේ සමාජය තුළ දැකිය හැකිය. එවිට එම ප්‍රශ්න දරාගත නොහැකි අවස්තාවල තම ජීවිතය පවා විනාශ කරගත් පුද්ගලයන් පිලිබඳවද අප අසා ඇත.එනම් එවැනි පුද්ගල සබඳතා තුළින් ඇතිවන ප්‍රශ්න නිසා බොහෝ පුද්ගලයන් තමාගේ සතුට , සාර්තකත්වය,මානසික නිදහස යන සියලු දේ අහිමි කර ගනී. එනම් එවැනි අවස්තවලදී අපට අසාර්තක වීමට ඉඩ දිය යුතුද? යන්න ඔබම සිතා බැලිය යුතුය.


එවැනි අවස්තාවලදී ඔබගේ සතුට,සාර්තකත්වය,නිදහස නැති වීමට ඉඩ දිය යුතු නැත.එවැනි අභියෝගාත්මක අවස්තාවලදී විස්වාසවන්ත මිතුරෙකුගෙන්,නැතිනම් දෙමව්පියන්ගෙන්,වැඩිහිටියෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුය.


තමාගේ සතුට නිදහස වෙනත් පුද්ගලයකුට නැති කිරීමට ඉඩ ලබා දිය යුතු නැත.තමාගේ සතුට මානසික නිදහස තමා විසින්ම ඇති කර ගත යුතුය.එම නිසා තමාගේ සතුට නිදහස නිදහස රැක ගැනීම වැදගත් වේ.තමා සතුටු වන්නේ ඉතා පුංචි දේකින් වුවද එය තමාගේ සතුටට දැනෙන්නේ ඉතා විශාල ලෙසය.එනම් පුංචි දෙයකින් වුවද ලබන සතුට ඉතා විශාලය.


මේ වගේම රැකියාවක වන විටද මානසික පීඩනය ඉහල යාම නිසා තමාගේ සතුට අහිමි විය හැකිය.එම නිසා රැකියාවක් කරන විටද ඔබගේ නිදහස සතුට පිලිබඳ අවධානය දිය යුතුය. පුද්ගලයකුට ජීවත් වීමට සතුට නිදහස අත්‍යවශ්‍යය වේ.එනම් සතුට කාගෙන්වත් මිලදී ගත හැකි දෙයක් නොවේ.එනම් එම සතුට නිදහස තමා විසින්ම ලබා ගත යුතු දෙයකි.එනම් සතුට නිදහස ජීවිතය තුල පවත්වාගෙන යාම තුලින් පුද්ගලයාට සාර්ථක වීමට පහසු වේ.


එනම් ප්‍රශ්න ගැටලු ඇතිවුවත් ඔබ ඔබ්ගේ සතුට නිදහස අහිමි වීමට ඉඩ නොදිය යුතුය.එවිට ඔබගේ සතුට ඔබ විසින් ආරක්ෂා කර ගත යුතුය.

Tuesday, March 5, 2024

සාර්ථක තරුණ විය ගුණාත්මක අනාගතයක් කරා..

 


රටක සමාජයක ඉදිරි ගමන   තීරණය කළ හැකි විශාල ගාමක බලවේගයක් තරුණයින් තුළ පවතී.ජීවිතයේ ඇති වන නැති නම් මුහුණ දීමට සිදුවන අභියෝග,ප්‍රශ්න,ගැටලු හමුවේ සිතින් ගතින් දුබල තරුණයන් අස්ථාවර තීරණ නැතිනම් ක්‍රියාකාරකම් සිදු කළහොත් රටක් ගමන් කරන්නේ පතුලක් නොපෙනෙන ආගාධයක් වෙතටය.මේ ආගාධය වෙනුවට මිනිසාගේ සාර්තකත්වය ස්ථාපනය වන සමාජ වටපිටාවක් නිර්මාණය කළ හැකි නම්,මනුසත් බවටද ණයක් නැති මිනිසෙකු වීමට හැකිය.


සමාජයේ පසු පරම්පරාව ඉදිරි පරම්පරාවේ ආදර්ශ සොයනු ඇත.තරුණයා වැඩිහිටියන්ගෙන් ආදර්ශ පතා ජීවිතයම ඔතා මහපොළවේ මිහිදන් වනවා වෙනුවට වැඩිහිටියන්ටද ආදර්ශමත් තරුණයකු බවට පත්වීමට උත්සාහ කළ යුතුය.ඒ වගේම හැදියාව කරුණාව,දයාව,ගුණ ධර්ම වලින් පෝෂණය වීමද ඉතා වැදගත් වේ.මෙම යහපත් ගුණධර්ම වලින් පිරිපුන් මිනිසුන් ගුණාත්මක මිනිසුන් ලෙසද අර්ථකතනය කළ හැකිය.


සමාජයක තරුණයකුගෙන් බලාපොරොත්තු වන්නා වූ ගුණාත්මකභාවය අසල්වැසියන්ට සිදුවනවාද.නිවසේ සිටින අපට සිදුවනවා දැයි යන ගැටලුද අප තුළ පවතියි.පිරිහෙමින් තිබෙන සමාජයක ගුණාත්මක ප්‍රතික්ෂේප වී ඇත.සමාජයේ සම්මත නිවරදි හැදියාවක් තිබිය යුතුය.තරුණ ඔබ ඉදිරි කාලයේදී වැඩිහිටියෙකි.දෙමව්පියෙකි.  තරුණ කාලසීමාව තුළ ඉතා ප්‍රියජනක බව පසකට දමා නිකරුනේ කල්මරණ තරුණ පිරිසක් අපට ඔනෑ තරම් හමු වී තිබේ.වැඩිහිටියන්ට සවන් නොදී හිතුමතේ වැඩ කරන සමාජයක් අද ගොඩනැගෙමින් පවතියි.


මෙකල තරුණ ජීවිතවල දැකගත හැක්කේ තමන්ට අවැසි පරිදි නිති රීති සකසා ගැනීමය.ලෝකයේ දියුනු සෑම රටකම තරුණ පරපුර රට ගැන කියනා මිනුම් දණ්ඩ වේ.තරුණයින් ඉන්නවා යනු රටක් තීරණය කිරීමට එය හොඳ මිනුම් දණ්ඩකි.ගුණාත්මකභාවය අත්‍යවශ්‍ය.එහෙත් වර්තමානයේ එසේ නොවීම තුලින් තරුණ පරපුර අභාවය වෙත ගමන් කරමින් සිටී.


තරුණයින් විසින් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් කොටසක් පවතී.එනම් එම වගකීම් යුතුකම් නිසි ලෙස ඉටු කරමින් ගුණාත්මක තරුණ පරපුරක් අනාගතය සඳහා ගොඩනැගිය යුතුය.එනම් තරුණයින්ගේ ගුණාත්මකභාවය තුළින් අනාගතය නිර්මාණාය කර ගත යුතු වේ.

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

  අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වී...