Thursday, February 29, 2024

ඇගයීම සහ ගැරහීම

 



පරමාදර්ශයක් නැති සමාජයක,පූර්වාදර්ශයක් නැති සමාජයක,සුඟටත් වැනෙන රූකඩ පමණක් ඉතිරි වෙන බව අරුමයක් නොවේ.කොතරම් කැප වුවද ඊට ඇගයීමක් නොලද තැන ශේෂ වන්නේ කලකිරීමක් පමණි.වසර දහතුනක පාසල් ජීවිතයෙන් නික්ම ගොස්   අවුරුදු 20 - 30ත් අතර කාලය ජිවිතයේ හොඳම කාලය යැයි පවසන එම කාලය රිසිසේ ගත කරන්නේ ඒ කාලය තුල ඔබට අරමුණක් තිබුනද එම අරමුණත් අමතක කර  දමමිණි.එහිදී සිදු වන්නේ ජීවිතයේ හිස් අවකාශය පමණක් ඉතුරු කරගැනීමට ය.තරුණ වියේදී කරන කාර්යට ඇගයුමක් ලැබීමට නොහැකි වූ තැන ගැරහුමක් පමණක් ම භුක්ති විඳීමට සිදු වුවහොත් ඔහු හෝ ඇය සමාජය ඉදිරියේ සැඟවීමට උත්සහ දරයි.


ජීවිතයේ නික්ම යන සෑම තප්පරයක්ම කොතරම් වටින්නේද? ඒ සෑම තප්පරයකටම වටිනාකමක් ලබාදිය යුත්තේ ඔබමය.සංහිඳියාව,වගවීම,ඇගයීම අපට නිතරම ඇසෙන වචනය එම වචන සමග අප ජීවත්වීමේදී අපට වැටහෙන කරුණ වන්නේ අගය කිරීම් බලාපොරොත්තු වන්නා වූ මානවයින් සමාජය තුල සිටින බවයි.අගය කිරීම මිනිසාට පමණක් පොදු වූ දෙයක් නොවන්නේ එය සතා සිවුපාවට පවා අදාල වන නිසාවෙනි සතා සිවුපාවාට පවා සැලකිල්ලක් දක්වන විට උන් මිනිසුන් කෙරෙහි ප්‍රියමනාප බවක් දක්වන්නේ එම නිසාය, ගැරහීමට ලක්වීමට කිසිවෙකුත් කැමති නැත්තේද එනිසවෙනි.


ගැරහීම යනු විවේචනයකි.විවේචන තුලද නිර්මාණාත්මක විවේචන පවති නිර්මාණාත්මක විවේචන තුලින් ජීවිතයේ වැරදුණු,අඩුපාඩු,කඩතොලු වුණු තැන් නිවරදි කර ගැනීමට මනාවට උපයෝගී කර ගැනීමට හැකියාව පවති.විවේචනයට බඳුන් වන්නා එය තමාගේ ජීවිතයේ ඉදිරි ගමනට ශක්තියක් කර ගැනීමට සමත් විය යුතුය.නිර්මාණාත්මක විවේචන ගැන සිතා බැලීම ඉතා වැදගත් වේ.මන්ද ඒ තුලින් අනාගතය සකසා ගැනීමටද හැකියාව පවතින නිසාවෙනි.



ඔබ මේ වන විටත් තරුණ වියේ සිටින කෙනෙක්ද? තරුණ ජීවිතයට ලබා ගත හැකි වටිනාකම වඩා වැඩියෙන් දැනෙන්නේ එම ජීවිතය අහිමි වූ විටය.තරුණ කාලය ගෙවී ගොස් තප්පරයෙන් තප්පරය මරණය දක්වා ගමන් කරයි.ගැරහීම කෙරෙහි උපේක්ෂාවෙන් බලා ජීවිතය නිවරදි කර ගැනීමත් ඇගයීම ඉදිරියේ නිහතමානී වීමත් 

 ඔබ සිදුකල යුතුය.මේ සියල්ල තුළින් ජීවිතයට අත්දැකීම් ලැබේ.ජීවිතයක අත්තිවාරම තනන්නේ මෙම අත්දැකීම් තුළිනි.ඇගයීමේදී ක්‍රියාකාරී වනවා සේම ගැරහීමේදී උපේක්ෂාවෙන් යුතුව අඩුලුහුඬුකම් සාදා ගත හැකි නම්  ඔබේ සාර්තකත්වය ඇත්තේ එතනය.

" අහඹුවෙන් දෑත් මිට මොළවා හිස් අතින් පැමිණි අප බොහෝ දේ රැස් කර  හිස් අතින්ම සුදු වතින් සැරසී නික්ම යයි" හිමිවීම් ස්වල්පයක් අතර අහිමිවීම් කප්පරක් තිබිය හැකිය එය ජීවිතය යැයි අර්තකතනය කරන අතර සැනසීමද ලඟා කර ගත හැකිය.එහෙත් ජීවිතයක සාර්තකත්වයේ වගකීම කිසිවෙකුට පැවරිය  නොහැක එයට වගකිව යුත්තේ ඔබමය...

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

  අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වී...