Saturday, March 2, 2024

ඔබේ තීරණය




අපි තනිව තීරණ වැරදුන අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට ඇත.විටෙක වැරැද්ද ,නිවරැද්ද නිවරදිව සොයගත නොහැකිව සිටින අවස්ථාද තිබේ.එනම් අපට නිවරැදි තීරණයක්,නිවරැදි මාවතක් සඳහා නිවරැදි මග පෙන්වීමක් නැතිනම් උපදේශණයක් අවශ්‍යය.අඳුරේ සිට අඳුරේම ගිලී ජීවිත කාලයම අඳුරක ගෙවා දමනවා වෙනුවට,ආලෝකයට ගමන් ගන්නා නිවරදි මාර්ගයක් පෙන්වන කනෙකුත් ජීවිතයට අවශ්‍යය වේ.ජීවිතය අන් අයගේ අනුකරණයක් නොවිය යුතුය.මන්ද එසේ අනුකරණය කළ ජීවිතයකට සාර්තකත්වය ළඟා කර ගැනීමද ඉතා අපහසුය.තමන්ගේ දෙයක් කියන්නට කෙනෙක් නැති කළ,අසන්නට කෙනෙක් නැති කළ,ඇසුවත් ප්‍රශ්නයකට පිළිතුරක් නැති තැන පිළිතුරක් යැයි සිතා තවත් ප්‍රශ්නයක් වැලඳ ගන්නා විට ජීව්තයේ සාර්තකත්වය පෙනෙන මානයකවත් තිබිය හැකිද?කාගෙන් කොහොම උපදෙස් ගත්තද එම ලබා ගත් උපදෙස් නිසා ජීවිතයට තවත් ගැටලු ප්‍රශ්න ඇති වේ නම් කුමක් කළ යුතුද?ඔබ ඔබේ ප්‍රශ්නවලට උපදෙස් ලබා ගන්නේ කාගෙන්ද?


අද වන විට සියල්ල වෙනස් වෙමින් පවතී.විශේෂයෙන් තරුණයන් සියල්ල දන්නවා යැයි සිතා සිටින බවත් පෙනී යයි.අධ්‍යාපන ක්‍රමය තාක්ෂණික හා මාධ්‍ය දියුණුව සමග එය සිදු වී ඇති අතර අතීතයේ ජීවියෙක් මෙලොවට බිහිවන්නේ කෙලෙසද යන්න යන්න පවා නොදැන සිටි පිරිසක්ද ඇත.නමුත් අද වන විට එය බොහෝ සේ වෙනස්‍ ය.එවැනි දේවල් ගැන කුඩා දරුවන් පවා දැනුමත්‍ ය,අද සිදු වන්නේ තරුණ ප්‍රශ්න වලට,තරුණ අසහනය වැනි ගැටලු වලට පිළිතුරු තමා විසින්ම සොයා ගැනීමය.තමන්ගේ මට්ටමේ සමකාලීන මිතුරන්  ළඟට ගොස් ඒ අයගෙන්ම උපදෙස් ලබා ගන්නා අවස්තාද දැක ඇත.මෙවන් අවස්තාවලදී තම මිතුරා සමකාලීන වුවද, ඔහුගේ අදහස් වෙනස් වුවද ඔහු බුද්ධියෙන් පරිනත වී නොමැත.


පාසල තුලින් දැනුම ලබා දේ.නමුත් ගුරුවරුන් දැනුමට වඩා දෙයක් දරුවන්ට ලබා දේ.එනම් ගුරුවරයා උපදේශනය ලබා දෙන්නෙකු ලෙසද ක්‍රියා කරයි.ගුරුවරයට තම ප්‍රශ්න පවසා එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාදීම මීට පෙර කාලයේ සිටම පැවතිනි.නමුත් අද වන විට ගුරුවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් නොකර,එකි ප්‍රශ්නවලට විසඳුමක් ලෙස තවත් ප්‍රශ්න ළං කර ගැනීම තුල තරුණ අසහනය වැඩි වී ඇත.මෙවැනි ප්‍රශ්න ඉස්මතු වන්නේ තමාට තමාව තේරුම්ගත නොහැකි වූ විටය.වයසට සරිලන බලාපොරොත්තු නොමැතිව ඊට වඩා බලාපොරොත්තු තබා සිටියදී මෙවැනි තත්වයන්ට පත්වේ.


බොහෝ විට ඉවසා දරා ගැනීමේ හැකියාව,සතුටින් යමක් කිරීමේ හැකියාව විශ්ව විද්‍යාලයේ උපාධිය ලබන ශිෂ්‍යයන් තුලද නැත.තමන්ට ඇතිවන ගැටලු තමන්ම විසඳා ගැනීමට උත්සාහ කිරීම නිසා වැරදි තීරණ ගන්නා අවස්තාද බොහෝ ඇත.මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වීම පිටුපසද පවතින්නේ එවැන්නකි.මත්ද්‍රව්‍ය පානය කරන්නේද බොහෝ විට එකම වයස් සීමාවක කණ්ඩායමක් සමගය.එනම් ඔබ වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඔබ එය තෙරුම් ගත යුතුය.


අතීතයේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වූ විට එය නිරවුල් කර ගැනීමට පන්සලේ හාමුදුරුවන් හමු වී උපදෙස් ලබා ගත්තද වර්තමානය වන විට එය එසේ සිදු නොවේ.අත්දැකීම් බහුල නිවරදි මාර්ගය සොයාගෙන සාර්තකත්වයට ළඟා වූ පුද්ගලයකුගෙන් ඔබ උපදෙස් ලබා ගත යුතුය.ළපටි ළාමක බොළොඳ උපදෙස් තුළින් ජීවිතය විනාශ වීමට හෝ නීතිය ඉදිරියේ විලංගු වැටීමට ඉඩ දිය යුතු නැත.අත්දැකීම් බහුල මිනිසුන් ආශ්‍රය කිරීම තුළින් ඔබට සාර්තක තීරණ ගැනීමටද හැකියාව ලැබෙයි.


සෑම කෙනෙකුම තම වාසනාව සොයාගත යුතුය.අරමුණු වෙනුවෙන් කැපවිය යුතුය.තමන්ගේ අනාගතයේ නිර්මාණකරු තමන් මිසක් වෙන කෙනෙකු නොවේ.ඒ ගමනේ උපදේශනය අඳුරට විහිදෙන ආලෝකයකි.එම ආලෝකය  දැක හෝ ආලෝකය හඹා ගොස් ඉවත බලා ගනී නම් ඉතුරු වන්නේ අන්ධකාරය පමණි.අඳුර තුල ජීවත් වෙනවා වෙනුවට ආලෝකමත් මාවතකට පිවිසිය යුතුය.ඔබ දැන් ඉන්න තැනින් මේ මොහොතේ ගනු ලබන තීරණ නිවරැදි උපදේශනයෙන් යුතුව ලබා ගෙන ජීවිතය ආලෝකමත් කර ගන්න.

11 comments:

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

  අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වී...