Saturday, March 2, 2024

කාලය

 


කාලය ඔබට කොතරම් වැදගත්ද?කාලයෙන් කාලයට  ජිවිතයට දැනෙන හැගිම් විවිධය.සැබවින්ම ඒ කාලය තුළ මුහුණ දෙන්නා වූ සියල්ල සුන්දර නැත.නිසි කාලයේ දී අපට යමක් කිරිමට නොහැකිව  අතපසු වුණු,මඟ හැරුණු බොහෝ අවස්ථා කොතෙකුත් නම් තිබේ ද?අපි අද ඒවා ගැන සිතමින් කොතෙක් නම් පසුතැවෙනවාද?අපි හැමෝටම ජීවිතයේ අප්‍රසන්න කාලයක් තිබේ.අපට එම කාලය පසු කිරිමට අකමැත්තෙන් හෝ පසු කිරිමට සිදු වේ.

            තප්පරය අපට කොතරම් වැදගත්ද යන්න සිතිය යුතු කාලය ඔබට උදා වී තිබේ.ඔබේ ජීවිතයෙන් අප්‍රසන්න කාලය නිම කිරිමට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු කාලය ඔබට එළඹී තිබේ.ඉන් ඔබට මිදිය නොහැකි ය.මිදිම යනු ඔබ ජීවිතයෙන් අසමත් වීමකී.මේ සියල්ල කිරිමට දිනකට ඇත්තේ පැය 24කි.එනම් කාලය කළමනාකරණය කර ගැනිමට සිදු වේ.කළමනාකරණය යනු කළ යුතු දේ මනාව ක්‍රියාත්මක කිරිමයි.දිනකට ඔබට ලැබෙන පැය 24න් නින්දට හා ආහාර පානවලට පැය 9ක් ලබා දුන්නද තවත් පැය 15ක කාලයක් වැඩ කිරිමට ඉතිරිව ඇත.එනම් මුලිකත්වට දිය යුතු වැඩ කොටස,හදිසි වැඩ කොටස,කල් දමා කළ හැකි වැඩ කොටස,නොවැදගත් වැඩ කොටස යන මේ කොටස් ඔබට බෙදා ගත හැකි ය.

     උදෑසනම අවදි වී දවසේ වැඩ කටයුතු ආරම්භ කරන ඔබට එවැනි කටයුතු සැලසුම් කිරිම තුළ අත්වන්නා වූ තෘප්තිය කොපමණදැයි  දැන ගැනිමට එය ඔබ අත්විදිය යුතුමය.කඩිමුඩියේ අපිළිවෙළට දිනය ආරම්භ කරනවා වෙනුවට නව ප්‍රබෝධයකින් යුතුව දිනය ආරම්භ කර එය පවත්වගෙන යාමේ හැකියාව පවති.මේ සියල්ලටම කාලය ඉතා වැදගත් ය.එනම් ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු ය.තමාගේ වැඩ කොටස් නිවැරදිව බෙදා ගනිම්න් එම කාලය තුළ තම වැඩ කොටස් මනාව සිදු කොට අවසන් කර ගැනම ඉතා වැදගත් වේ.ඒ තුළින් ජීවිතයට සාර්ථකත්වය ලබා ගත හැකි ය.කාලය කිසිවෙකුගෙන් ණයට ගැනිමට හෝ කිසිවෙකුට ණයට දීමට නොහැකි ය.එනම් ගෙවි ගිය පෙර දිනය ගැන පසු තැවි පලක් නැත.අද දිනය ඔබට ලැබුණු තෑග්ගක් ලෙස සලකා නොපමාව කටයුතු කරන්න.එවිට නොපැහැදිලි අනාගතය දීප්තිමත් කර ගැනිමට ඔබට හැකිවනු ඇත.

7 comments:

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

  අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වී...