Tuesday, March 26, 2024

හුදකලාව ජීවත් විය හැකිද?

 


එක් මිනිසෙකුට සාපේක්ෂව තවත් මිනිසෙකු වෙනස්‍ ය. අප හුදකලා මිනිසුන් වන්නේ නැත.මේ සමාජය තුල ජීවත් වීමේදී එකිනෙකා තේරුම් ගනිමින් අප ජීවත් විය යුතුය.වර්තමාන තරුණයන් දෙස බැලීමේදී බොහෝවිට ඔවුන් එකතු වන්නේ අදහස් මතිමතාන්තර සමාන තැනත්තන් සමගය.එලෙස නොගැලපෙන අදහස්,මතිමතාන්තර ඇති පුද්ගලයන් සමග ඔවුන් එකතු වී වැඩ කරන්නේ නැත.මිනිසුන් තුල පවත්නා මෙම විවිධත්වයන් තේරුම් ගත යුතුය.


නිදසුනක් ලෙස ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නේද මෙම තත්වයන් නිසාවෙනි.එවැනි අවස්ථා ඕනෑ තරම් මේ සමාජය තුල දැකිය හැකිය.එනම් පෙම්වතා සහ පෙම්වතිය දෙදෙනා පිලිබඳව නිවරදි තේරුම් ගැනීමක් අවබෝධයක් නොමැතිවීම නිසා විවිධ ගැටලු ඇති වී ප්‍රේම  සබඳතවය බිඳ වැටීමද සිදු වේ.එහිදී පුද්ගලයන් හුදකලා වීම,කලකිරීමට පත්වීම වැනි මානසික තත්වයන්ටද පත්වන අවස්තා පවතී.


ඔබට ජීවිතයේ  සාර්තකත්වයට මුලින්ම අවශ්‍යය වන්නේ මනුෂ්‍යත්වයේ භාෂාව හඳුනා ගැනීමයි.ඒ තුලින් එකිනෙකා අතර මනා සබඳතා ගොඩනගාගත හැකිය.තරුණයන් සමාජය තුල විවිධාකාර කටයුතු සිදු කරයි.ඔවුන්ගේ සමාජ සම්බන්ධතාව කෙබඳුද යන්න මදක් සිතිය යුතුය.තනිව සියලු කටයුතු කරන්නට උත්සහ දරණ තරුණයන් සමාජය තුල දැකිය හැකිය.එහෙත් සියලු කාරනා තනිව සිදු කල නොහැකිය.මේ සමාජය තුල ගතිගුණ හොඳය,ආශ්‍රය කරන    මිනිසුන්ද ගුණ යහපත් වේ.සමාන අදහස් මතිමතාන්තර ඇති මිනිසුන් එකට එක්වන අතර  ඔවුන්ට සමාන සිතුම් පැතුම්ද පවතී.


අතීතයේ ආධ්‍යාත්මය උතුම් කොට සලකන ලදී.එදා ගුණ ධර්මවලට විශාල තැනක් හිමි විය.එහෙත් වර්තමානය වන විට එය පිරිහෙමින් පවතී.වර්තමානයේ පවතින අවකාශය තුල තරඟකාරිත්වය වැඩිය.ඒ තුල එකිනෙකා පරයා යන්නට උත්සාහ කරනවා මිස ස්වභාව සෞන්දර්ය ගැන සිතන්නේ නැත.එම හඹායෑම තුල ශේෂ වන්නා වූ එකම දෙය වන්නේ අතෘප්තිය පමණි.ඔබ්ටද සමාජ වගකීමක් ඇත.හුදකලා පුද්ගලයකුට කල නොහැකි බොහෝ දේ පුද්ගල කණ්ඩායමකට කළ හැකිය.එනම් එකිනෙකා අතර මනා අවබෝධයක් තිබිය යුතුය.එනම් ඔබ ඔබව තේරුම් ගෙන ඉන් පසු ඔබ වටා ඉන්නා පුද්ගලයන් තේරුම් ගැනීමට උත්සහ කරන්න.නිවරදි තේරුම් ගැනීමක් නොමැති වුවහොත් ඔවුන්ට අනෙකා සමග සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි වේ.එනම් පුද්ගලයකුට තවත් පුද්ගලයකු තේරුම් ගැනීමට හැකිවිය යුතුමය.

12 comments:

හොඳම යහලුවෙකු ඔබටත් සිටීද?...

  අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.තව කෙනෙකුගේ වේදනාව,සතුට,දුක,වටහා ගත හැක්කේද අපටමය.මෙලෙස සමාජය තුල ජීවත් වීමේදී තවත් කෙනෙකුගේ කරදරයකටපිහිට වී...